මාලඹේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

නව ආයෝජකයෙකු කැඳවීමට සැරසෙන මාලඹේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

by Staff writer 15-06-2020 | 8:53 PM

COLOMBO (News 1st) - මාලඹේ සිට කොළඹ කොටුව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිකිරීමට රජය සූදානම් වෙයි.

මෙම ව්‍යාපෘතියට පසුගිය රජය සමයේ ණය පහසුකම් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය එකඟතාව පළ කර තිබුණි. එහෙත් නාගරික සංවර්ධන, ජල සම්පත් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසන්නේ නව ආයෝජකයෙකු සඳහා ජාත්‍යන්තර යෝජනා කැඳවන බවය. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය යනු මෙරටට සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයු පැරණිතම පාර්ශවකරුවෙකි. පසුගිය රජය සමයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 48 ක ණය පහසුකම් ලබාදීමට ඔවුන් එකඟතාව පළ කර තිබුණි. මහ නගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
අවුරුදු 70 ක 1950 ඉඳලා වැඩියෙන්ම උදව් කරලා තියෙන ජපාන රජය ආණ්ඩුවට ඉතාම පැහැදිලි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. පසුගිය මැයි 7 වන දා ලිපියක් යවනවා ආර්ථික සංවර්ධන ඒ වගේම මූල්‍ය කටයුතු පිළිබඳ ආමාත්‍යාංශයට. ව්‍යාපෘති 3 ක් ගැන කියනවා. ආණ්ඩුව ජපානයෙන් ඉල්ලලා තියෙනවා ණය ආපසු ගෙවීමට කාල සීමාවක්. ඩෙඩ් මොරටෝලියල් ඒකක්. ඒ වගේම නව විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමට ජපානයේ ඒල්.ඒන්.ජී බලාගාරයක් ඉදිකිරීමේ යෝජනාවක් පසුගිය රජය කාලේ තිබුණා ඒක පිළිබඳව. ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් ඒ කාලයේ දියත් කරපු මේ ලයිටි රේල්වේ සිස්ටම් ඒක. ලයිටි රේල්වේ සිස්ටම් ඒක ගැන ඒයාලා ඉතාම බරපතළ විදියට හිතන බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් මොකද්ද මේ ජපානය කියලා තියෙන්නේ. මේ රජයේ දූෂිත ප්‍රතිපත්තියත් දූෂිත ලෙස කරගෙනයන ව්‍යාපෘති කටයුතු නිසා ජපානය කලකිරිලා බවයි ජපානය මේ කියන්නේ. මේ කියෙන මාර්ග තදබදය පාර්ලිමේන්තු පාරේ නවත්තලා මේ ජෛයිකා කෝච්චියෙන් යන්න. අපට දුන්නා අවුරුදු 15 ක් මේ ණය ගෙවන්න. කිසිම ණයක් ගෙවන්නේ නෑ. ආපසු අවුරුදු 15 කින් ගෙවන්නෙ. 0.1% පොලියට. දැන් ඉන්න ඒ නාගරික සංවර්ධනය පිළිබඳ කාර්ය භාරය පිළිබඳ ඇමතිවරයා දූෂිත නිලධාරීන් පිරිසක් සමග ඒකතු වෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහළට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරලා තියෙනවා. නතර කරලා ඒ වෙනුවට 6% පොලියට විදේශ රටවලින් ගන්න යනවා විශේෂයෙන්ම චීන සමාගම්වලින්
සමගි ජන බලවේගයේ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
මේක නවත්තන්නේ හොන ස්ටඩි එකක් කරල ද? නවත්තන්නේ අර කරපු ෆියසිබිලිටි ස්ටයිල් එක නැවතත් අධ්‍යයනය කරලා හොයාගෙන තියෙනව ද ඒක හොඳ නෑ කියලා. ඇයි මේක නවත්තන්නේ, එතනොට ජපානය කියනවලු එගාල්ලෝ අපෙන් ණය සහන ඉල්ලවන නම් ගත්ත ණය ගෙවන්නත් බැරිනන් හරි? දැන් අපි කාලයක් තිස්සේ ප්ලෑක් කරලා පටන් ගත්ත එකත් ඕනේ නෑ නම් වෙන දේවල්වලට අපිට ණය දෙන්න බෑලු. අපි කොච්චර කැනකටද වැටිලා ඉන්නේ. කොහොම තිබිච්ච රටක් ද? දැන් මොකද්ද මේ වෙන්නේ ?
නාගරික සංවර්ධන ජල සම්පත් සහ නිවාස අමාත්‍යාංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
ඇත්තටම අපේ අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතිය තමයි ජයිකා ආධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. නව රජය පත් වුණාට පස්සේ මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පෞද්ගලික අංශයත් එක්ක හවුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න තීරණය කරලා තියෙනවා. රජය ණය ලබා ගැනීමකින් තොරව පෞද්ගලික අංශය සමග එක්වෙලා මේක කරන්න තීරණය කරලා තියෙන නිසා මේ ව්‍යාපෘතියට ජයිකා ආයතනයේ ලබා නොදීමේ තීන්දුවක් අරන් තියෙනවා නම් ඒකේ බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ. දැන් අපි කඩිනමින් ඒකට අවශ්‍ය ලේඛන සකස් කරලා නුදුරේදීම පෞද්ගලික අංශයෙන් යෝජනා කැඳවන්න බලාපොරොත්තු වෙනවා මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා. සමහර වේලාවට මේක අවුරුද්දකින් විතර පස්සට යන්න ඉඩ තියෙනවා.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට මේ වනවිට වෙනත් ආයෝජකයෙකු තෝරා ගෙන තිබේදැයි අප අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසුවේ ය. නාගරික සංවර්ධන ජල සම්පත් සහ නිවාස අමාත්‍යාංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
ඒකට අපි ජාත්‍යන්තර මට්ටමින් යෝජනා කැඳවන්න ලියකියවිලි සකස් කරනවා මේ දවස්වල. ඉතින් ඒකෙන් තෝරගන්න කෙනෙක් තමයි. ඒකට ඉදිරිපත් වන සමාගම්වලින් කෙනෙක් තෝරා ගන්නවා.