කටුනායක පිටත්වීමේ පර්යන්තය මහජනතාවට විවෘත කෙරේ

කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට විවෘත කෙරේ

by Staff writer 15-06-2020 | 4:11 PM

COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට අද යළි විවෘත කෙරිණි.

කටුනායක ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, අද දහවල් 12.00 සිට සීමාවන්ට යටත්ව නැවත විවෘත කළ බවය. ඒ අනුව එක් ගුවන් මගියෙකුට අමුත්තන් 3 දෙනෙකු ගුවන්තොටුපොළේ අමුත්තන්ගේ පර්යන්තයට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති. කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3 කට ආසන්න කාලයක් ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට පැමිණීමට තහනම් කර තිබුණි.