අත්අඩංගුවට ගත් වාහන යළි භාරදීමට පියවර

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන්ට භාරදීමට පියවර

by Chathuranga Rajapaksha 15-06-2020 | 9:49 PM

COLOMBO (News 1st): Covid-19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාර දීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සඳහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ.