by Staff writer 15-06-2020 | 8:52 PM
COLOMBO (News 1st) - ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමේදී විනිවිදභාවයක් තිබීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබේ.
ඒ, කොරෝනා වසංගත තත්ත්වයත් සමග ප්‍රකාශිත ඇඳිරි නීති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ලිපියක් ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ වැඩබලන පොලිස්පතිවරයාට යොමු කරමිනි.
රෝගීවූවන් පමණක් ගමන් කිරීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය ඇති නමුත් එය රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ලිපියෙන් අවධාරණය කර සිටී.
කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, අසාමාන්‍ය සෞඛ්‍යමය හදිසි තත්ත්වයකදී මහජන සෞඛ්‍ය හා මහජන සාමය පවත්වා ගැනීම උදෙසා ගමන් කිරීමේ නිදහස සීමා කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා බවය.
මෙය විශාල වශයෙන් මහජනතාවට බලපාන කාරණයක් බැවින් ඇඳිරි නීතිය පනවා ඇති ආකාරය සම්බන්ධයෙන් පවතින නීත්‍යානුකූලභාවය පිළිබඳව මහජන අවධානය යොමුව ඇතැයි ඔවුන් යැවූ ලිපියේ සඳහන් ය.
ඇඳිරි නීතිය පැනවීම ආකාර දෙකකින් විධිමත් කළ හැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයන් ප්‍රකාරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ගැසට් කිරීම පළමුවැන්නයි.
එය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ හැකි වඩාත්ම බලයලත් ක්‍රමය බව කොමිසම පෙන්වා දෙයි.
දෙවැන්න රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනත යටතේ විෂය භාර අමාත්‍යවරිය විසින් සිදු කරනු ලබන රෙගුලාසි මගිනි.
නමුත් එම පනවන සීමා කිරීම් මගින් රටේ නීතියේ අධිපත්‍ය උල්ලංඝණය කළ නොහැකි බව ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේය.
කොමිෂන් සභාව පවසන්නේ, රටේ ව්‍යවස්ථාව සේම ශ්‍රී ලංකාව බැඳී සිටින ජාත්‍යන්තර මානව හිම්කම් රෙගුලාසි අනුව ගමන් කිරීමේ නිදහස සීමා කිරීම නීත්‍යානුකූල වන්නේ එය නීතියක් මගින් පනවනු ලැබුවහොත් පමණක් බවය.
https://www.facebook.com/NewsfirstSL/videos/3484891038207254/