අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කෙරේ

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපතිගෙන් තීරණයක්

by Staff writer 15-06-2020 | 10:35 PM

COLOMBO (News 1st) - අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයින් ඊට ආකර්ෂණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරෙන බවය. රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණයට එළැඹ තිබේ. ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ, පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බවය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට ද එහිදී තීරණය විය.