COLOMBO (News 1st): මෙවර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සියයට 50 කින් අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ මේ වනවිට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දී ඇති බවය.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි.
දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කෙරෙනු ඇති.
පළලින් වැඩිම ජන්ද්‍ර පත්‍රිකා මඩකලපුව, කොළඹ, වන්නි සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් මුද්‍රණය කෙරෙනු ඇතැයි ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවාය.
මෙවර මහ මැතිවරණය ලබන අගොස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ආදර්ශ මැතිවරණ අදත් දිස්ත්‍රික්ක කිහිපයකදී පැවැත්විය.
පුත්තලම, ඉලුක්කාකුලම් මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති ආදර්ශ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද පැමිණියේය.
එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
" බය නැතුව ජනතාවට කියන්නේ එන්න. ඡන්ද දාන්න. අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා. ඒවා නිරීක්ෂණය කරන්න සෞඛ්‍ය නිලධාරීනුත් යොදවනවා"
යාපනය, අම්පාර, බදුල්ල, කළුතර, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අද ආදර්ශ මැතිවරණ පැවැත්විය.