මත්ද්‍රව්‍ය: තව ත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට තව ත් මධ්‍යස්ථානයක්

by Staff writer 14-06-2020 | 8:12 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා තව ත් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා සඳහන් කළේ, ලබන 26 වැනි දා නිට්ටඹුව ප්‍රදේශයේදී එය ස්ථාපිත කරන බවය. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරනු ලබන පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා එම මධ්‍යස්ථානය වෙත යොමු කරන බව විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා ප්‍රකාශ කළේ ය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්තවලට අනුව දිවයින පුරා පුද්ගලයින් 97, 000 ක් පමණ හෙරොයින්වලට ඇබ්බැහිවී තිබේ. අයිස් මත්ද්‍රව්‍යවලට පුද්ගලයින් 20,000 ක් පමණ ඇබ්බැහිවී ඇති අතර ගංජාවලට ඇබ්බැහිවුවන් සංඛ්‍යාව සටහන් වන්නේ ලක්ෂ 04 ක් ලෙසය. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාත තුළ දිවි ගෙවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පැවසීය.