දිස්ත්‍රික්ක 6ක අදත් ආදර්ශ මැතිවරණ

දිස්ත්‍රික්ක 6ක අදත් ආදර්ශ මැතිවරණ

by Staff writer 14-06-2020 | 7:23 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 06 ක අද දිනයේත් ආදර්ශ මැතිවරණ පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.

ඒ අනුව යාපනය, අම්පාර, බදුල්ල, කළුතර, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල එම පෙරහුරු මැතිවරණ පැවැත්වෙනු ඇති. ඊයේ දිනයේදී ගම්පහ, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම ආදර්ශ මැතිවරණ පැවැත්විම සිදු කර ඇත. ලබන 15 වැනි දා මුලතිව් දිස්ත්‍රික්කයේදී සහ ලබන 20 වැනි දා කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් ස්ථාන දෙකක මෙම ආදර්ශ මැතිවරණ පැවැත්වීමට සැළසුම් කර තිබේ. මේ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආදර්ශ මැතිවරණ 15 ක් රට පුරා පැවැත්වීමට මැතිවරණ කොමිසම සැළසුම් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම ආදර්ශ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය උපදෙස් අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබාදී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.