කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 15ක ජල කප්පාදුවක්

by Staff writer 14-06-2020 | 7:18 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ, කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නල පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු හේතුවෙනි. ඒ අනුව කොළඹ 02, 03, 07, 08 සහ 10 ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.