COLOMBO (News 1st) – දරුවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් පිළිබඳව කැලණිය පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ තිබේ.
කුලි නිවෙස්වල ජීවත් වූ පවුල් දෙකක පිරිසක් කොරෝනා වසංගය හමුවේ අවතැන්ව පසුගිය කාලයේ වාසය කර ඇත්තේ කැලණිය බස්නැවතුම්පොළ ආශ්‍රිතවයි.
අතුරුදන්ව ඇත්තේ එම පිරිස අතර සිටි පිරිමි දරුවන් දෙදෙනෙකි.
ඔවුන්ගේ වයස අවුරුදු 10 ක් සහ 11ක් බව හෙළිව තිබේ.
ඉකුත් 12වැනිදා පස්වරුවේ සෙල්ලම් කිරීම සඳහා ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් පසු කිසිදු තොරතුරක් ලැබී නොමැත.
එක් දරුවෙකුගේ පියා -
අපේ පුතා පෝනියෝ බලන එක්කෙනා එක්ක යාලුවෙලා. තැඹිලි කපන එක්කෙනාගේ පුතා එක්ක ගිහිලා තියෙන්නේ.
අනෙක් දරුවාගේ පියා -
මම තැඹිලි කපන්න ගිහිල්ලා හිටියේ. ඒ වෙලාවේ තමයි ළමයි ගිහිල්ලා තියෙන්නේ.
කැලණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙය පැහැරගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, මව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ අවසරයකින් තොරව මෙම දරුවන් කිසිවෙකු තම භාරයේ තබා ගැනීම වරදකි.