කහ කුඩුවලට සහල් සහ දහයියා මිශ්‍ර කිරීමේ ජාවාරමක්

කහ කුඩුවලට සහල් සහ දහයියා මිශ්‍ර කිරීමේ ජාවාරමක්

by Staff writer 14-06-2020 | 9:23 PM

COLOMBO (News 1st) – කහ කුඩුවලට සහල් සහ දහයියා මිශ්‍ර කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට කැකිරාවේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකළේ කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලීසිය එක්වයි. පරිභෝජනයට නුසුදුසු කහ කුඩු කිලෝග්‍රෑම් 50 ක් එහිදි පොලිස් භාරයට ගෙන තිබේ. මරදන්කඩවල, කොල්ලන්කුට්ටිගම ප්‍රදේශයේ නිවසක රහසිගත ලෙස මෙය පවත්වාගෙන ගොස් තිබුණි. අප වාර්තාකරු පැවසුවේ සහල් පිටි හා දහයියා මිශ්‍ර කරන ලද කහ කුඩු ගෝනි කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණු බවය. සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ එහි සේවයේ නියුතුව සිටි දෙදෙනෙකි. මේ ජාවාරම සඳහා භාවිත කළ යන්ත්‍රය සහිත නිවසට මුද්‍රා තැබිණි. පරිභෝජනයට නුසුදුසු මෙම කහකුඩු වෙළෙඳපොළට නිකුත් කළේ ද යන්න පිළිබඳව විමර්ශන පැවැත්වීමට නියමිත ය.