උ/පෙළ විභාග දිනය ගැන අධ්‍යපාන ඇමති යළි කතා කරයි

උ/පෙළ දිනය ගැන නැවත සළකා බැලීම පිළිබඳ අධ්‍යපාන ඇමතිගේ අවධානය

by Staff writer 14-06-2020 | 9:45 PM

COLOMBO (News 1st) – උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නැවත සළකා බැලීම පිළිබඳව අධ්‍යපාන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අවධානය යොමුව තිබේ.

අද අපි විවෘත කරනවා කියලා කිව්වා ජූලි 07 වැනිදා උසස් පෙළ දූලා පුතාලට. ඒ වෙද්දී අපිට තියනවානම් මොනාහරි සැකයක්. බින්දුවක සැකයක් හරි තියනවා නම් අපි දරුවෝ ඉස්කෝලෙට ගේන්නේ නෑ. අද උදේ එද්දී මට කතා කරා පළවෙනි වතාවට උසස් පෙළ කරන දරුවෝ කණ්ඩායමක්. උසස් පෙළ විභාගයට දීලා තියන දිනේ සැප්තැම්බර් 07. අපිට කල් මදි. බැරිද සර් මේක වෙනස් කරන්න. තව අඩු ගානේ සති 03ක් විතර අපිට දෙන්න බැරිද. මේක අපේ ඉල්ලීමක්. සර්ගේ ෆේස්බුක් එකටත් අපි මේක දාලා තියනවා කිව්වා. මම වාහනේට නැගලා ඉස්සෙල්ලාම කිව්වේ අධ්‍යාපන ලේකම්තුමාට කතා කරලා කරුණාකරලා මේ ගැන බලලා දරුවන්ට ඇත්තටම කල් මදිද, වෙලාව මදිද ආවරණය කරන්න කියන එක මට දින 04ක් 05ක් ඇතුළත දෙන්න කියලා. දරුවෝ කියනවානම් එහෙම මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ ඒ ආකාරයට. දරුවන්ට අදාළ ඕනම කාරණයකදී තීන්දුවක් ගන්නේ දරුවන්ගේ පැත්තෙන් හිතලා මිසක් දේශපාලකයාගේ පැත්තෙන් හිතලාවත්, නිලධාරීන්ගේ පැත්තෙන් හිතලාවත් නෙමෙයි. දැන් ඉස්කෝල අරිනකොට හැම ඉස්කෝලෙකටම අපි දෙන්න අර දරුවන්ගේ උෂ්ණත්වය බලන්න උපකරණයක්.