අමෙරිකාවේ පොලිස් ප්‍රධානියෙකු ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට: ඇට්ලැන්ටා පොලිස් ප්‍රධානී ධූරයෙන් අස්වෙයි

by Staff writer 14-06-2020 | 1:58 PM

News 1st - අමෙරිකාවේ, ඇට්ලැන්ටා පොලිස් ප්‍රධානී ඒරිකා ශීල්ඩ්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ඒ, ඩ්‍රයිව් තෲ අවන්හලක් අසළ සිය මෝටර් රථය තුළ නිදාසිටි අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානුවෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග හටගත් නොසන්සුන්තා මධ්‍යයේය. පොලිස් වෙඩි පහරින් මියගිය 27 හැවිරිදි රේශාඩ් බෘක්ස් ට රථය තුළ නින්ද යාම හේතුවෙන් මාර්ගය අවහිර වී තිබුණි. අනතුරුව අවන්හල් සේවකයන් කළ දැනුම්දීමට අනුව පොලීසිය ඒම ස්ථානයට පැමිණියේ ය. එහිදී අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළ බෘක්ස් හඹා ගිය පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබුණි. එම ඝාතනයට විරෝධය පළ කරමින් ඇට්ලැන්ටා ජනතාව විරෝධතා ඇරඹීමත් සමග පොලිස් ප්‍රධානියා එලෙස ඉල්ලා අස්විය. මෙම මරණය වාර්තා වන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති නිරායුධ අමෙරිකානුවකු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය වීමට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ පැවැත්වෙන පසුබිමකදීය.