by Staff writer 14-06-2020 | 6:10 PM
COLOMBO (News 1st) – ඔරුවක් පෙරළීමෙන් අම්පාර, නවගිරියාව ජලාශයේ ගිලුණු 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්විය.
ප්‍රදේශයේ පදිංචි දරුවන් 6 දෙනෙකු ඊයේ(13) පස්වරුවේ මව්පියන්ගේ අවසරය ඇතිව ඔරු පැදීම සඳහා නවගිරියාව ජලාශයට ගොස් තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ එම ප්‍රදේශයේ ඔරු පැදීමේ නිරත අයෙකු සමග දරුවන් ඔරුවෙන් ගොස් ඇති බවය.
පසුව එය පෙරළී දරුවන් වතුරට වැටණු බව සිද්ධිය දුටුවෙක් සඳහන් කළේය.
හය දෙනාගෙන් පස් දෙනෙකුම බේරා ගැනීමට වැව ආසන්නයේ සිටි පිරිසට හැකිව තිබුණි.
මියගිය 8 හැවිරිදි දරුවාගේ සිරුර පසුව සොයා ගැනිණි.
ඔහු ගොනාගොල්ල ඩඩ්ලි සේනානායක ප්‍රාථමික විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
අප වාර්තාකරු පැවසුවේ එම සිසුවාගේ දේහය අද නිවසට රැගෙන ආ බවය.