අප්‍රේල් 21 ප්‍රහාරය: 176 දෙනෙකුගෙන් සාක්ෂි විමසයි

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන 176 දෙනෙකුගෙන් සාක්ෂි විමසයි: 771 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී..

by Staff writer 14-06-2020 | 7:39 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පුද්ගලයින් 176 දෙනෙකු මේ වනවිට සාක්ෂි ලබාදී තිබේ.

එම කොමිසමේ ලේකම් එච්. එන්. බී. පී හේරත් මහතා පැවසුවේ, මේ වනවිට පුද්ගලයින් 771 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට දෙවැනි දිනටත් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහු පැවසුවේ ය. මේ අතර කාන්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය කාලයේදී සිදු වූ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනිද්දා සිට විමර්ශන ආරම්භ කරන බව ද ලේකම්වරයා පැවසීය.