English
தமிழ்
කර්තෘ Staff writer
14 Jun, 2020 | 11:30 am
COLOMBO (News 1st) Update 7.00PM : තුම්මුල්ල මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයා අද අලුයම ජීවිතක්ෂයට පත්විය.
කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 මුදල් කොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට මූලික වූයේ ද එම කොස්තාපල්වරයා ය.
පසුගිය 11 වැනිදා රාත්‍රියේ මෙම රිය අනතුර සිදුවිය.
යතුරු පැදියෙන් ගමන් ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු එදින ගැටී තිබුණේ ඩිෆෙන්ඩර් රථයකයි.
ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් ඔහු නීති ශිෂ්‍යයෙකු බවත් පොලීසිය සඳහන් කළේ ය.
මෙම අනතුරින් මියගිය කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම මහතා පොලිස් සේවයට බැඳී තිබුණේ මීට අවුරුදු 2 හමාරකට පමණ පෙරදී ය.
ඔහුගේ දේහය භාරගැනීම සඳහා ඥාතීන් අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යලයට පැමිණ සිටියේ ය.
මියගිය නිලධාරියාගේ සහෝදරිය –
“ඇමතිතුමෙක්ගේ නෑදැයෙක් කියනවනේ හප්පපු කෙනා. අර පාඨලීගේ වගේ මනුස්සයෙකුට වුණා වගේ නිදහස් වෙන්න දෙන්න එපා. මගේ මල්ලිනේ.මට හිටපු එකම සහෝදරයෝ . එයා වීර ක්‍රියාවකුත් කරලානේ ඔය දේවල් වුණේ. මං කියන්නේ නීතිය සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා.”
පොලීසිය පවසන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී සැකකරුගේ ඥාතීන් හා දේශපාලන සම්බන්ධකම් ගැන අදාළ නොවන බවය.
අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.
මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ෆේස්බුක් සටහනක් තබමින් එම නිලධාරියා වෙනුවෙන් සංවේගය පළ කර තිබේ.
එම අභීත පොලිස් විරුවාගේ වීර ක්‍රියාවට ගෞරවණීය ප්‍රණාමය පුද කරන බව ද මෙහි සඳහන් ය.
එමෙන්ම පොලිස් මූලස්ථානය ද නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන යහපත් ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම නිලධාරියාට වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ගේ ප්‍රශංසාව හිමිවන බවය.
දින කිහිපයකට පසු හදිසි අනතුරකට පත්ව මෙලෙස මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ සාතිශය සංවේගය පළ කරන බවද එම නිවේදනයේ දැක්වේ.
පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සිතුම් දුලිත මහතාගේ දේහය අද නිවසට රැගෙන ඒමට නියමිත ය.
අනතුරින් තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම නිලධාරියාගේ පාදයකට බරපතල ලෙස තුවාල සිදුව ඇති බවය.
ජාතික රෝහලේ ලක්ෂ 79 කොල්ලය ඇල්ලූ බුද්ධි නිලධාරියා මරුට
🔴 ජාතික රෝහලේ ලක්ෂ 79 කොල්ලය ඇල්ලූ බුද්ධි නිලධාරියා මරුට📌 Read more : https://bit.ly/3fomshu#lka #SriLanka #Accident #Police #News1st
Posted by Newsfirst.lk on Sunday, June 14, 2020
ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඔහු එලෙස මියගොස් තිබෙන්නේ පසුගිය 11 වැනි දා රාත්‍රියේ බම්බලපිටිය, හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසළදී සිදු වූ ඩිෆෙන්ඩර් අනතුරිනි.
තව ත් නිලධාරියෙකු සමග ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය අනතුරට ලක්වුණේ ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙනි.
එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
අනතුර සම්බන්ධයෙන් අම්පිටියේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු නීති විද්‍යාල සිසුවෙකි.
පොලීසීය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමත්ම සිට ඇති බවය.
අලුත්කඩේ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
12 Jan, 2021 | 04:53 PM
10 Oct, 2020 | 07:33 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS