COLOMBO (News 1st): සිරිකොත ගැන කලබල නොවිය යුතු බවත් එය බිල්ඩිමක් පමණක් බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිරිකොත තුළ ජනමතයක් නොමැති බව ද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එහි බිල්ඩිමක් හෝ ලාංඡනයක් තිබූ පමණින්ම එය පරණම පක්ෂය කියා ලොකු නොවන බවත් එය කෞතුකාගාරයක් බවට පත් කළ හැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
නමුත් එය කෞතුකාගාරයක් කරන්න යන ගමනට ඔවුන් විරුද්ධ බවත් එබැවින් නියම එක්සත් ජාතික පක්ෂය ඔවුන් ලෙස කොන්ද කෙළින් තියන් තීරණයක් ගත් බව ද හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.
"සිරිකොත ගැන නම් අපි එච්චර කලබල වෙන්නේ නෑ. සිරිකොත කියන්නේ ඇත්ත වශයෙන්ම බිල්ඩිමක් පමණයි. එතන ජනමතයක් නෑ. දැන් බිල්ඩිමක් තිබ්බ පලියට, ලාංඡනයක් තිබ්බ පලියට ඒක පක්ෂයක් එහෙම නැත්නම් පරණම පක්ෂය කියලා ලොකු වෙන්නේ නෑ. ඒක එහෙමම කෞතුකාගාරයක් බවට පත් කරන්න පුළුවන්. ඒ කෞතුකාගාරයක් කරන්න යන ගමනට තමයි අපි විරුද්ධව පෙල ගැසිලා කොන්ද කෙලින් තියන් තීරණයක් ගත්තේ අපි හරි යූ.එන්.පී. කාරයෝ නිසා"
සමගි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.