COLOMBO (News 1st) : මාතර ප්‍රදේශ රැසක ගොවි ජනතාවට වල් පැළෑටි උවදුරක් නිසා ලොකු ගැටලුවක් මතුව තිබේ.
කුඹුරු ගණනාවකට මේ වල් පැලෑටි පැතිරී ඇත.
මාතර, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජඹුරේයාය , කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කද්දූව, දෙනිපිටිය ප්‍රදේශවල කුඹුරු රැසකට මේ උවදුර බලපාලා තිබේ.
ගම්මු මේවට කියන්නේ කාවුල ලෙස ය.
මේ වල් පැළෑටිය වෙල්යායේ ගොයම් පැළ හා සමානවම වර්ධනය වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ගොවීන්
අපිට වෙච්ච ලොකුම ගැටලුව ගොයම වැවෙන්න ඉඩ දෙන්නේ නෑ. මේ කාවුලවලට සාර්ථක විසදුමක් දෙන්න පුළුවන් නම් අපිට අපේ කුඹුරු සාර්ථකව වවා ගන්න පුලුවන්.
මේ සේරම පේන්නේ ගොයම වගේ. ගොයම් ගස් නෙවෙයි. මිනිස්සු රැවටෙනවා.
අපි ගොවි නියාමක මහත්වරු දැනුවත් කරත් පාළු ණයක්වත් ඒ විදියට ලැබෙන්නේ නෑ. පොහොර දෙනවා කිව්වත් ඒ විදියට මඩ පොහොර ලැබෙන්නේ නෑ. යූරියා ටිකක් තමයි හම්බෙන්නේ. ඒකත් රස්තියාදු වෙලා තමයි පොහොර සහනාධාරය ගන්න වෙන්නේ .
පොහොර ගැහුවම කාවුල ගහ තමයි නැගිටලා එන්නේ. නිලධාරීන්ට කොච්චර කිව්වත් අපිට නැහැ සහනයක් ලැබෙන්නේ.
දහස් ගණන් වියදම් කරලා, ගොවිතැන් කරලා, අස්වනු ගැන බලාපොරොත්තු තියාගත්ත ගොවියො දැන් ඉන්නෙ දෙගිඩියාවෙන් ය.
අපි මහත්තයා මෙහෙම ජීවත් වෙන්නේ කොහොමද? තෙල් වර්ගයක් නෑ. වැස්ස නොබලා ගොවිතැන් කිරීමෙන් අපිට කිසි සහනයක් නෑනේ.
අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඊට මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැත.