by Staff writer 13-06-2020 | 8:19 PM
COLOMBO (News 1st): ත්‍රීකුණාමලය නගරයේදී 8 හැවිරිදි දැරියක පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල දැරිය අද පෙරවරුවේ සිය මිත්තනියන් දෙදෙනෙකු සමග ත්‍රීකුණාමලය නගරයට පැමිණ තිබුණි.
එම අවස්ථාවේදී දැරියට ජල බෝලතයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.
එහි සිටි අයෙකු පවසා ඇත්තේ ඇයට ජල බෝලතයක් ලබාදිය හැකි බවය.
අනතුරුව ඔහු සමග වෙළඳසැලකට ගොස් ජල බෝතලයක් ලබා ගැනීමට මිත්තනියන් අවසර දී තිබේ.
බොහෝ වේලාවක් යනතුරු දැරිය සහ අදාළ පුද්ගලයා නැවත පැමිණ තිබුණේ නැත.
පසුව මිත්තණියන් දෙදෙනා මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබුණි.
අනතුරුව නගරයේ වෙළඳසැල්වල සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කළ පොලීසියට දැකගත හැකි වුයේ අදාළ පුද්ගලයා එම දැරිය සමග මුහුදු වෙරළ දෙසට ගමන් කර ඇති බවය.
පසුව වෙරළේ හඬමින් සිටියදී පොලිසිය දැරිය සොයා ගනු ලැබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.