COLOMBO (News 1st) : විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද මාධ්‍ය හමුවකට සහභාගී විය.
එහිදී ඔහු කෝටි 38ක් කප්පම් ගත් දකුණේ දේශපාලනඥයෙකු පිළිබඳ ප්‍රශ්න කළේය.
"නිෂ්ශංක සේනාධිපති මැතිතුමා ප්‍රකාශ කරනවා එතුමාට 2015 ආණ්ඩුවෙන් පස්සේ මේ දකුණේ දේශපාලනඥයෙක් එතුමාගෙන් මිලියන 380 ක් ඒ කියන්නේ කෝටි 38 ක් කප්පමක් අරන් ගියා කියලා. ඒවා ඔක්කොම ෂේප් කරලා දෙන්නම් කියලා මේ නඩු ටික මේවා කරලා වෙනස් කරලා ඔක්කොම කරලා නිදොස් කොට නිදහස් කරලා දෙන්නම් කියන අර්ථකතනය එතුමා කෙළින්ම අර්ථකතනය නෙවෙයි එතුමා කෙළින්ම ප්‍රකාශ කරනවා. ඒත් එක්කම එතුමා ආයේ ප්‍රකාශ කරනවා එතුමාව අත්අඩංගුවට පත්වුණ වෙලේ බන්ධනාගාරගත වෙලේ එතුමා පණිවුඩයක් යැව්වා කියලා. මේ කෝටි 38 මිලියන 380 ආයේ දෙන්න කියලා එතකොට ඒ අවස්ථාවේ ආණ්ඩුව මාරුවෙලා ඒකෙන් මිලියන 15ක් ලක්ෂ 150 ක් ගෙනත් දුන්නා කියලා. ඉතිං මම ඉතාමත් කාරුණිකව නිෂ්ශංක සේනාධිපති මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඉතිං මම හිතන්නේ ඔබතුමාට වගකීමක් තිබෙනවා ඔබතුමාගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්නත් ඒ වගේම මේ මේ වගේ කප්පම් ක්‍රියාවලියක් කරන දකුණේ දේශපාලනඥයා කවුද කියලා හරියට ජනතාවටත්, පොලීසියටත් දැනුම් දෙන්න. ඉතිං මම පොලීසියෙනුත් ආයාචනයක් කරනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න මේ සම්බන්ධයෙන් මේ කවුද කියන එකේ ප්‍රහේළිකාවක් තියෙනවා. අනිත් එක ඔබතුමා පැහැදිලවම ප්‍රකාශ කරනවා ඔබතුමා ළඟ පටිගත කරපු ඒවා තියෙනවා ඒ පුද්ගලයාගේ කටහඬින්ම ඒක එළියට දාන්න කියලා. ඉතිං එහෙම සාක්ෂිත් තියෙනකොට ඒ සාක්ෂි තියෙනකොට ඔක්කොම තියෙනකොට මේක වසං කරගෙන ඉන්නේ නැත්තම් ඔබතුමාත් රට නීතිය කඩනවා ඒක වසං කරගෙන සිටීමෙන්"