by Staff writer 13-06-2020 | 8:32 PM
COLOMBO (News 1st): කන්තලේ සීනි කම්හලේ පොහොර ගබඩාවේ සවිකර තිබූ සෙවිලි තහඩු රැසක් සොරකම් කරගෙන ගොස් තිබේ.
කන්තලේ සීනි කම්හලේ සෙවිලි තහඩු මීට දින කිහිපයකට පෙරදී කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
සවිකර තිබූ තහඩු 500ක් පමණ මේ වනවිට දක්නට නොමැත.
අපි මේ පිළිබඳව සොයා බැලීමට අද කන්තලේ සීනි කම්හලට ගියේය.
එහි යන අතරමග සිවිල් ආරක්ෂක කුටියක් ද අපිට දක්නට ලැබුණි.
ජනතා මුදල් නාස්ති කරමින් සිදුවන මෙම ක්‍රියාවන්ට වගකිය යුත්තන්ගේ අවදානය යොමු නොවන්නේ මන්දැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරති.