COLOMBO (News 1st) : පෙරටුගාමී විරෝධතාවට හේතු වූ තවත් කරුණක් වූයේ PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු රටට ඇතුළු වීමයි.
පසුගිය දින කිහිපයේම පාර්ශව රැසක් මේ ක්‍රියාව අනුමත නොකළ අතර අදත් ඒ ගැන අදහස් පල විය.
ප්‍රශ්නය -
දැන් PCR පරීක්ෂණය නොකර ලංකාවට ඇතුල් වෙලා තියනවා. දැන් ඒ ගැන ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා
ඇත්ත වශයෙන්ම ඒකට විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියා කරන්න ඕනා. මොකද අමෙරිකාව හෝ වෙනත් රටක් හෝ කිසිම රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ලංකාවේ නීතියට උඩින් යන්න බෑ. මොකද ඒකට හේතුව ලංකාවේ නිරෝධායන නීතිය ප්‍රභලයි. අනිත් නීතීන් ඒ අයට යම් බලපෑම් කරන් නැති ඒවා තියනවා. නමුත් නිරෝධායන නීතියේදී අනිවාර්යෙන් ඔවුන් ඒ PCR පරීක්ෂණයට සහභාගී විය යුතුයි. එයට ඉඩ නොදුන්නේ කවුද සහ ඔවුන්ට විරුද්ධව අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලායි අපේ අදහස.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා
මේ රටට පැමිණි සියලුම වගකිව යුතු මගියෙක් මොන පොතේද ඕක තියෙන්නේ කියලා ප්‍රශ්න නොකර ඔවුන් ආණ්ඩුවට සහයෝගයෙන් කටයුතු කරා. අමෙරිකාව තමන්ගේ සුපුරුදු උද්දච්චකම පෙන්වමින් තමයි තානාපති වරප්‍රසාදවලට මුවා වෙමින් ප්‍රතික්ෂේප කරේ. ඒ නිසා තමයි අපි විපක්ෂයේ ඇත්තන්ගෙන් අර MCC ගිවිසුම අත්සන් කරලා තිබුණ නම් සෝෆා ගිවිසුම අත්සන් කරලා තිබුණ නම් ඔවැනි හැසිරෙන අමෙරිකානුවන් දහස් ගණනක් ලංකාවේ ඉන්න තිබුණා. අමතක කරන්න එපා ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඉන්න රටින් ආව කෙනා තමයි පරීක්ෂණය කරන එක ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා අමෙරිකාව තනාපති වරප්‍රසාදවලටයි මුවා වුණේ එතනදී අමුතුවෙන් ප්‍රශ්න කරන්න දෙයක් නෑ. නමුත් අමෙරිකාව පිළිබඳ අමෙරිකානුවන් ගෙට වද්දා ගන්න කලින් දහස් වරක් සිතිය යුතු බව මේ සිද්ධියෙන් අපිට උගන්වා තිබෙනවා.