by Staff writer 12-06-2020 | 10:27 PM
COLOMBO (News 1st) : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද COVID-19 අරමුදල් නිසි ලෙස භාවිතා නොකළ බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා
එදා අපි කිව්වා පරීක්ෂණ යන්ත්‍ර ගේන්න. මුහුණු ආවරණ ගේන්න කියලා. මොකද්ද කළේ හිඟන්නා වගේ චීනය දෙන ඒවා ගත්තා. ඉන්දියාවෙන් ගත්තා. අපිට ලෝක බැංකුව ඩොලර් මිලියන 230ක් දුන්නා. ඒවා කෝ. ඒවා දුන්නේ කොරෝනා වෙනුවෙන් වියදම් කරන්න. එක ඇදක් ගත්තද. එක වෙන්ටිලේටර් මැශිමක් ගත්තද? බේත් ගත්තද?
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
COVID-19 රෝගය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වියදම් කර ඇත්තේ ඔවුන් අපිට ලබාදී තියෙන්නේ ඩොලර් මිලියන 1.9 ක මුදලක්. තවත් ඩොලර් මිලියන 2.3 ක මුදලක් ඉදිරි වර්ෂය දක්වා වියදම් කිරීමට ලබාදීමට නියමිත බව සඳහන් කර තියනවා. කෙසේ වෙතත් අපිට මේ කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන්කර ඇත්තේ ඩොලර් මිලියන 1.9 ක මුදලක් බව මේ වාර්තාවේ සඳහන්. එතකොට ඩොලර් මිලියන 2ක් ලබා දුන්නම ඩොලර් මිලියන 230 ක් දුන්නා කියලා රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසත්‍යක්. එතුමා මේ වෙලාවේ පත්ව ඇති දේශපාලන වියවුල් තත්ත්වය නිසා ලබාදුන් මුදල 100 ගුණයකින් වැඩිකර ප්‍රකාශ කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලෝක බැංකුවෙන් මේ වනතෙක් ලැබී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.9 ක් පමණක් වන බවයි.
ඉන් අමෙරිකානු ඩොලර් 8. 55 869 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කරන ලද COVID-19 වැඩපිළිවෙළ යටතේ වියදම් කර ඇති බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික කාර්යාලය හරහා සිදු වූ බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයෙන් අප මේ පිළිබඳව කළ විමසීමේදී ඔවුන් පිළිතුරු ලබා දී තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය අප වෙත යොමු කරමින් ය.