COLOMBO (News 1st) : අමෙරිකානු රාජ්‍ය මර්දන ප්‍රතිපත්තිවලට විරුද්ධව කොළඹ පැවති විරෝධතාව සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කළ ආකාරය හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද විවේචනය කළේ ය.
කොල්ලුපිටිය හා ලිප්ටන් වටරවුම අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ අමෙරිකානු රාජ්‍ය මර්දන ප්‍රතිපත්තවලට එරෙහි විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් මහතා ඇතුළු 53 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණයට ඉදිරිපත්කර ඇපමත මුදා හැරියේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක වාසුදේව නානායක්කාර මහතා
අමෙරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට ඒ විරෝධය පාන්නේ අමෙරිකානු රාජ්‍යට සහ අමෙරිකානු පොලීසියට අවස්ථාවක් ලැබිය යුතුයි. මම දන්නෑ ඒක තහනම් කරමින් නියෝගයක් දුන්නේ උසාවියෙන්. මෙතන වරද තියෙන්නේ නියෝගයක් දීමයි. මේ තරම් ලෝකය සමස්ත වශයෙන් කතා කරන අපරාධයක් පිළිබඳව. ලෝකයට තිබෙන අවකාශය ලංකාවේ අපිට අහිමි කරන්න නරකයි. නිරෝධායන නීති අනුවයි විරෝධය පාන්න ඕන. පොලීසියේ හැසිරීම පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කරන්න බැරි තරම් අනවශ්‍ය ක්‍රියා කලාපයක්. මේ ගැටුම ඇති වුණ විදිය බලනකොට ඒක අපේ රජයේ ප්‍රතිපත්තියටත් රජය මේ දක්වා උද්ඝෝෂණ පිළිබඳව ක්‍රියාකරපු ආකාරයත් පිළිබඳව තියෙන ආදර්ශය අනුවත් අපට අනුමත කරන්න බැරි තත්ත්වයක් ඇති වුණේ. මම දන්නේ නෑ මේ නියෝගය ඉල්ලුවේ ඇයි කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගැන අහලා බලලා තීරණයක් අරගෙන උසාවි ගියා නම් මට තේරුම් ගන්න පුළුවන්. මේක මහා අනවශ්‍ය පටළැවිල්ලකට ඇදලා දැම්මා. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් කෙළෙසුණා.