COLOMBO (News 1st) : ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය ක්‍රමය, නීති විරෝධී බැවින්, කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් නොකර වාහනය අත්පත් කර ගැනීමෙන් පසුව පොලීසියට පැමිණිලි කරන බවය.
බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැර ගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබෙන අතර අත්පත් කර ගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
කොවිඩ් වසංගතය සමග පීඩාවට පත් කණ්ඩායම්වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රිරෝද රථ හිමියන් සඳහා ගෙවනු ලබන ලීසිං වාරික අයකර ගැනීම මාස 6 කට අත්හිටවු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බවය.
ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා පොලීසියට දැනුම් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
