ඩිෆෙන්ඩර් අනතුරේ තුවාලකරුවන් දැඩි සත්කාරයට

බම්බලපිටිය ඩිෆෙන්ඩර් අනතුර: තුවාලකරුවන් දැඩි සත්කාර ඒකකයට

by Staff writer 12-06-2020 | 8:56 PM

COLOMBO (News 1st) : බම්බලපිටිය, තුන්මුල්ල වටරවුමට ආසන්න ස්ථානයකදී ඊයේ(11) රාත්‍රියේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඩිෆෙන්ඩර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් දෙදෙනෙකු බව මේ වනවිට අනාවරණ වී තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් දෙදෙනාම බරපතල තත්ත්වයේ පසුවන බව ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
රථය පැදවූ පුද්ගලයා අපි අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු නීති ශිෂ්‍යයෙක්. අවුරුදු 24 ක්. ඒ පිළිබඳව අපි විමර්ශන පවත්වනවා. ඔහු බීමත්ව සිට ඇති බවට වාර්තාවනවා . අපි ඒ ගැන විමර්ශන සිදු කරනවා.