පොලීසිය ගැන මහින්ද දේශප්‍රිය කතා කරයි

පොලීසිය විවිධ අයට වෙනස් අයුරින් සළකන බවට රටේ මතයක් තිබෙනවා - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 12-06-2020 | 9:06 PM

COLOMBO (News 1st) : පොලීසිය දැඩි මර්දන ප්‍රතිපත්ති අනුගමනය කරන අතර විවිධ අයට වෙනස් අයුරින් සළකන බවට රටේ මතයක් තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩබලන පොලිස්පතිවරයාට පවසා ඇතැයි ලංකාදීප පුවත්පත අද වාර්තා කළේ ය.

මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත්තේ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී පොලීසිය හැසිරුණු ආකාරයත් උද්ඝෝෂණයේදී පොලීසිය ක්‍රියා කළ ආකාරයත් නිසා රටේ ජනතාව තුළ මෙවැනි මතයක් ගොඩ නැගී ඇති බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා අතර පසුගිය 08 වැනිදා පැවති හමුවේදී මෙම කරුණු පවසා ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන් ය. උද්ඝෝෂණ පාලනයට දැඩි ක්‍රම අනුගමනය කරන බව ජනතාව පවසන බවත් ඒවා දැඩි වැඩි බවත් පුවත්පත මේ සම්බන්ධයෙන් කර තිබූ විමසීමේදී මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා තිබුණි.