කොරෝනා ආ​සාදිතයින් ගණන 1877ක් දක්වා ඉහළට

කොරෝනා ආ​සාදිතයින් ගණන 1877ක් දක්වා ඉහළට

කොරෝනා ආ​සාදිතයින් ගණන 1877ක් දක්වා ඉහළට

කර්තෘ Sagarika Chathumali

12 Jun, 2020 | 6:52 am

COLOMBO (News 1st) : ඊයේ ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආ​සාදිතයින් සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම රෝගීන් 8 දෙනාම නාවික හමුදා සමාජිකයින් බවයි.

එම  පිරිස වාර්තා වී ඇත්තේ, ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 4 දෙනෙකු, මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 3 දෙනෙකු සහ විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙකු වශයෙනි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1150 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය අසාදනයෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 716කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]