by Staff writer 11-06-2020 | 9:59 PM
COLOMBO (News1st) : විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් දැනුවත්ව හෝ නොදැනුවත්ව පසුගිය දා මෙරර ඇතුළු වූයේ, තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ, PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී ඇත්තේ,
හමුදා නිලධාරියෙකු බවයි.
වීරවංශ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ, පසුගිය දා PCR පරීක්ෂාව ද ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළුවූ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා පිළිබඳ අද හෙට්ටිපොළදී අදහස් දක්වමිනි.
වීරවංශ මහතා අවධාරණය කරන්නේ, හමුදා නිලධාරියෙකු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් PCR පරීක්ෂණය ද ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළුවීම ඉතා බරපතළ තත්ත්වයක් බවයි.
තව ද මෙම ක්‍රියාව මෙරට ස්වෛරීත්වයට හා කෝවිඩ්19 වසංගතය පාලනයට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට කරන නිගරුවක් ලෙස ද ඔහු සඳහන් කළේ ය.
තව ද අදාළ නිලධාරීයා ස්වයං නිරෝධායනයට ලක් වන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙරට සෞඛ්‍ය නිලධාරීන්ට සමීපව නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/350506765925831/