සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

by Staff writer 11-06-2020 | 4:13 PM
COLOMBO (News 1st) : නුගේගොඩ, ඇඹුල්දෙණියේ පිහිටි මූල්‍ය ආයතන පරිශ්‍රයකදී, සුලු ණය ලබාගත් අයගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සුනිල් ජයවර්ධන මහතා පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන 8 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ජයවර්ධන මහතා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ , ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා ද විය. දින කිහිපයකට පෙර අසාධාරණයට එරෙහිව හඬ නැගූ සුනිල් ජයවර්ධන මහතා ඊයේ පස්වරුවේ නුගේගොඩ ඇඹුල්දෙණිය මංසන්ධියේ පිහිටි මේ මූල්‍ය ආයතනයේදීම පහරකෑමට ලක්විය. මෙම පහරදීම සිදුව තිබුණේ, ස්වයං රැකියා වෘත්තිකයින්ගේ , ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රි රෝද රථයක් වාරික නොගෙවූ බව පවසා අදාළ මූල්‍ය ආයතනය විසින් රැගෙනයාම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මුල්කර ගනිමිනි. පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ සුනිල් ජයවර්ධන මහතා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ රාත්‍රියේ මිය ගියේ ය. ඝාතනයට ලක්වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ මූලික පරීක්ෂණ අද සිදුකෙරිණ. මිය යන විට 53 වන වියේ පසුවූ සුනිල් සිරිවර්ධන මහතා දෙදරු පියෙකි. මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 8 දෙනෙකු අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. ස්වයං රැකියා වෘත්තිකයින්ගේ , ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද රාත්‍රියේ පිළියන්දල, මිරිස්වත්තේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතයි. https://www.facebook.com/NewsfirstSL/videos/643803203013888/