COLOMBO (News 1st) :
''ජනාධිපතිතුමා බලයටපත්වුනයින් පස්සේ ,එක වෝටර් කැනන් එකක් ඔපන් කරලා නැහැ.එක ටියර් ගෑස් එකක්, එක බැටන් ප්‍රහාරයක් එල්ල කරලා නැහැ...''
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද කොළඹ පැවති උත්සවයකදී විරෝධතා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව පැවසී ය.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසු පැවති පළමු විරෝධතාව පා ගමන පිළිබඳව සහ ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේ ය.
''අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුනයින් පස්සේ පලවෙනි විරෝධතාව පාගමන එන්න පටන් ගත්තා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සාමාන්‍යයෙන් සිරිත තමයි ගෝල්ෆේස් එක ලග තියෙන ලෝටස් වටරවුම පහුකරන්න දෙන්නේ නැහැ විරෝධතාවයකට.මම මේ ගැන ජනාධිපතිතුමා එක්ක කතා කළා .මොකද පොලිසිය භාර ආරක්ෂක අමාත්‍යංශයට නිසා.එතකොට කිව්වා කමක් නෑ කමල් ඒ අය ආපුවාවේ.නවත්වන්න එපා . ස්ටාෆ් එකෙන් ගිහිල්ලා ඒ කට්ටියට කතා කරලා ඇතුළට අරන් ඇවිල්ලා කේක් කෑල්ලක් කන්න දීල ඒ අයගේ ප්‍රශ්නේ මොකක්ද කියලා අහපු අය .වෙනදට ලෝටස් වටරවුමේ නවතින උද්ඝෝෂණ ඉන් පස්සේ කෙලින් ආවේ ජනාධිපති ලේකම් කාර්යාලය ගේට්ටුව ලගට.එතනදි ඒ අයව ඇතුලට අරන් ගිහින් තේ දීලා සාකච්ඡා කරලා විසුරුවා හැරියා.''
පසුගිය දා පෙරටුගාමී උද්ඝෝෂණය පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අදහස් පළ කළේ ය.
''මං සාමාන්‍යයෙන් මීඩියි වලට කතා කරන්නේ නැහැ නමුත් අවශ්‍ය වුනොත් අපිට යම් කිසි දේවල් කියන්න තියෙනවා .එතනදි කියපු දේ තමයි පෙරේදා ඇතිවෙච්චි සිද්ධිය අර දේශපාලන පක්ෂයක පිරිස ඇවිල්ලා එතන පොලිසිය හැසිරුනු ආකාරය හරි නැහැ නේද කියලා ඇහුවා එක වාර්තාකරුවෙක් . මම කියපු දේ තමයි ජනාධිපතිතුමා බලයටපත්වුනයින් පස්සේ ,එක වෝටර් කැනන් එකක් ඔපන් කරලා නැහැ .එක ටියර් ගෑස් එකක් එක බැටන් ප්‍රහාරයක් එල්ල කරලා නැහැ .එක ටියර් ගෑස් කැනිස්ටර් එකක් යූස් කරලා නැහැ . කව්රුත් ඔලු පලාගෙන ලේ පෙරාගෙන ඉස්පිරිතාලෙට ඇතුළත් වෙලා නැහැ . ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ . එහෙව් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරලා තියෙන අපිට අපේ නායකය්න්ට එක එක ජාතියේ මර්දනකාරී පිලිවෙත් අනුගමනය කරනවා මිලිටරීකරණය කරනවා කියලා චෝදනා එන්නේ අර අරමුණු වල ඇජෙන්ඩා වල කොටසක් විදිහට''
https://www.facebook.com/NewsfirstSL/videos/871277133367653/