by Staff writer 11-06-2020 | 7:40 PM
COLOMBO (News 1st) : රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයක වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මාලඹේ නගරයේදී අද අත්අඩංගුවට ගැනිණ.
පොලීසිය සඳහන් කළේ, ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ සජීව පතරොම් 35 ක් සමග සැකකරු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අත්අඩංගුවට ගත් බවයි.
ඔහු 40 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පිළියන්දල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසී ය.
පසුගිය 29 වැනිදා අලුයම මෝටර් රථයකින් පැමිණ පිරිසක් එම හෝටලයකට වෙඩි තබා පලා ගොස් තිබිණ.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.