ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-06-2020 | 6:17 AM

දේශීය පුවත්

1. මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා: 2020 පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගොස්තු 05 වැනි දා පැවැත්වීමට තීරණය කර තිබේ. 2. "ඒක මට මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ” – රෝහිත අබේගුණවර්ධන: දිස්ත්‍රික්ක කිහිපයක අත ලකුණ යටතේ නිදහස් පක්ෂය වෙනම තරග කිරීම පිළිබඳව පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් රෝහිත අබේගුනවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය. 3. "එජාපයට මෙහෙම වුණේ ඇයි..? ”- හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්: එක්සත් ජතික පක්ෂය ඉතිහාසයේ කිසි දිනෙක අවුරුදු 5කට වැඩි කාලයක් බලය නොමැතිව සිට නොමැති බව හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසයි. 4. "දෙවැනි රැල්ලක් ආවොත් මුහුණ දෙන්න අපි සුදානම්” – ආරක්ෂක ලේකම්: කොරෝනා දෙවැනි රැල්ලක් එතැයි, බලාපොරොත්තු නොවුණ ද දෙවැනි රැල්ලක් පැමිණිය හොත් ඊට මුහුණ දීමට ආරක්ෂක අංශය සහ සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. 5. උපකාරක පන්ති ඇරඹෙන දිනය සංශෝධනය කෙරේ: උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය ජුනි 15 වැනි දා නොව, ජුනි 29 වැනි දා ලෙස සංශෝධනය කර තිබේ.

විදෙස් පුවත්

6. දහස් ගණනකගේ අවසන් ගෞරව මැද ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් ගමන් යයි: පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු හුස්ටන්හිදී සිදු කර තිබේ.