by Staff writer 11-06-2020 | 10:27 PM
COLOMBO (News 1st) : පොළොන්නරුවේ ජීවත් වන S.B හේවාහැට නම් හිටපු ගම් සභා සභිකයෙකුගෙන් රුපියල් 5000 ක ආධාර මුදලක් කොරෝනා අරමුදලට ලැබී තිබේ.
අදාළ මුදල හා ලිපියක් ඔහු විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබිණ.
දැනට 86 වැනි වියේ පසුවන ඔහු ගිලන් ඇඳේ සිට මෙම ලිපිය යොමු කර ඇති බව ආග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
උදා වී ඇති භයානක අවස්ථාවේ , රටේ ආර්ථීකයද බිඳ වැටී තිබියදී ජනාතව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය ගැන තමන් මවිතයට පත් වන බැවින් මෙම රුපියල් 5000 ක මුදල එම අරමුදලට බැර කරමින් තමන්ද එම පිංකකමට සහභාගි කර ගන්නා ලෙස අදාළ ලිපියේ සඳහන්ව තිබූ බව ආග්‍රාමත්‍ය කාර්යාලය ප්‍රාකශ කළේ ය.
මේ අනුව , අග්‍රාමාත්‍ය වරයා තීරණයකර ඇත්තේ , හේවාහැට මහතාගේ ආධාර මුදල ඔහු අතින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටයි .
ඒ සඳහා සියලු පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය වාරයා නිලධාරීන් උපදෙස් දී තිබේ.