COLOMBO (News 1st) :
''එක බිත්තියක් කඩලා ඉතිරිකරලා තිබ්බා නම් අපිට ආපහු හදා ගන්නහරි තිබ්බා. දැන් දැන් මේ තහඩු කැලී ටිකත් විනාශ කරලා දැම්මා. උළු ටිකත් ඉවරයි. ගෙදරත් කිසිම බඩුවක් නෑ. ග්‍රාමසේවක මිස් ආවා අපිට පොඩි බඩු මල්ලකුත් හම්බවුණා. මේ වෙලාවේ අපිට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගෙඩාක් පිං මේ වෙලාව තමයි අපිට උදව් ඕන වෙලාව''
ඒ කදුළු කතාව ඔබ වෙත අප ගෙන අවේ අවුරුදු මාසේ 24 වෙනිදා..
එදා අපි ප්‍රවෘත්තිය අවසන් කළේ, අද ඔබ දුටු සවර්ණා මල්කාන්තිගේ ආයාචනයෙනි.
අද අපි ඒ පුවත ඇගේ කදුළුලින් ආරම්බ කළත් අවසානය ඔබේ නෙතටත් සතුටු කඳුලක් ගෙන ඒවී
මහියංගනය ගුරුකුඹුර ගම්මානයේ අජිත් කුමාර සහ ස්වර්ණා මල්කාන්ති..
හදිසියේ කඩා වැදුණු වන අලියෙකු, ඔවුන්ගේ නිවස විනාශ කළේ පසුගිය අප්‍රෙල් 18 වැනිදා රාත්‍රියේයි.
නිවසට සීමාවී සිටිය යුතු එම කාලයේ පොල් සම්බොලයක් සමග හෝ කැමට තිබූ සහල් ටිකද වන අලියාට බිලි විය.
සිගිති දරුවාද සමගින් අසරණ වූ ඔවුන්ට,, යන එන මං තිබුණේ නැහැ.
කඩා දැමු නිවසේ ටකරන් කිහිපයක් රැගෙන, ඒ අසල ගසක් යට අටවා ගත් මේ පැළ ඔවුන්ට තිබුන එකම සෙවණ විය.
ඔවුන්ගේ කිරිදරුවාට නිදන්නට සිදුව තිබුණේ, ගස මුල පැලේ ලෑලි යහනාවක්
නිවස යළි ඉදිකරගැනීම කෙසේ වෙතත්, බිරිඳගේ හා දරුවාගේ කුසගිනි නිවීමද ඔහුට අභියෝගයක්ව තිබිණ.
නිව්ස්ෆස්ට් ඔස්සේ මේ පුවත විකාශයවීමත් සමග අප ඇමතු පරිත්‍යාශිලීයෙකු ස්වර්ණා මල්කාන්තිගේ පවුලට හිසට සෙවණක් වෙන්න ඉදිරිපත් විය.
නිව්ස්ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම අද යළිත් ගුරුකුඹුරට ගියේ ඒ සතුටත් අරගෙන.
අද ඔවුන්ගේ නිවසට මුල්ගල් තැබුණේ ආගමික ආශිර්වාද මධ්‍යයේයි.
මාසයක් ඇතුළ මේ නිවස ඔවුන් වෙනුවෙන් සුදානම් කිරීම ගම්මැද්ද අපේ ඉලක්කයයි
https://www.facebook.com/NewsfirstSL/videos/279300459928325/