විරෝධතා විසුරුවන්න ගිය පොලීසියේ 30ක් නිරෝධායනයට

පෙරටුගාමී විරෝධතාව විසුරුවා හැරීමට එක් වූ පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

by Staff writer 11-06-2020 | 11:45 AM

COLOMBO (News 1st) - අමෙරිකානු තානාපති කාර්යාලය අසළ පැවති විරෝධතාව විසුරුවා හැරීමේ රාජකාරීවල නිරත වූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට ඔවුන් යොමු කළ බවය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය 9 වැනි දා කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසළ එලෙස විරෝධාවක නිරත විය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් අතර සමාජ දුරස්ථකරණය නොතිබීම හා ඔවුන් මුව ආවරණ පැළඳ නොසිටි බව පොලීසිය පවසයි. ඒ හේතුවෙන් එම විරෝධතා විසුරුවා හැරීමට සහභාගී වූ නිලධාරීන් නිරෝධායනයට යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.