by Staff writer 11-06-2020 | 10:06 PM
COLOMBO (New 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම අදත් සිදු විය.
අද පෙරවරුවේ සාක්ෂි දුන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතායි.
අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවන කාලසීමාවේ නන්දන මුණසිංහ මහතා බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු පදනම්ව පොලිසියට ලද ලිපිය පිළිබදව අද කොමිසම මුණසිංහ මහතාගෙන් විමසී ය.
ඔහු පැවසුවේ 2019 වර්ෂයේ අප්‍රේල් මස 9 වැනි දින තමා ගේ කාර්යාලයට පොලිස්පතිවරයා අත්සනක් යෙදූ එවැනි ලිපියක් ලැබී තිබූ බවයි.
පසුදා එය තමා අතට පත් වූ බවද මුණසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
එම ලිපිය කාර්යාලයේ පවත්වාගෙන යන ගොනුවක ගොනු ගත කළේද නැද්ද යන්න කොමිසම විමසා සිටි අවස්ථාවේ සාක්ෂිකරු කියා සිටිවේ තමා එසේ නොකළ බවයි.
ලිපියේ සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා එය තමන් භාරයේ තබාගත් බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේ ය.
කොමිසම නැවතත් ප්‍රශ්න කර සිටියේ එම ක්‍රියා පටිපාටිය නිවැරදි ද යන්නයි
''එය මගේ පිළිවෙත. අවශ්‍ය නැත්නම් විනාශ කර දමන්නත් පුලුවන්.'' යනුවෙන් එහිදී නන්දන මුණසිංහ මහතා පිළිතුරු දුන්නේ ය.
පොලිස්පතිවරයා සටහනක් යොදා තමා වෙත එවූ ලිපිය පිළිබඳව දුරකථන ඇමතුමක් දී පසුදින හෝ පොලිස්පතිවරයාගෙන් විමසීමක් කළේ දැයි කොමිසම මුණසිංහ මහතාගේ විමසී ය.
ඔහු කියා සිටියේ එවැනි විමසීමක් නොකළ බවයි.
එම ලිපියේ බරපතළ ස්වභාවයක් තමා ඒ මොහොතේ නොදුටු බවද නන්දන මුණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
පොලිස්පතිවරයා ඇමතා විමසීමක් කලේ නම් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව වෙනසක් වෙන්න තිබූ බවද ඔහු කොමිසම හමුවේ පිලිගත්තේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/556950468547622/