විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

කර්තෘ Staff writer

11 Jun, 2020 | 7:54 am

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විශේෂ රැස්වීමක් අද පස්වරු 2.00 ට පැවැත්වෙන බවය.

ඒ, සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙනි.

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ උපදෙස් මාලාව මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය.

කොටස් වශයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]