ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පහරදීමකින් මරුට

by Staff writer 11-06-2020 | 7:39 AM

COLOMBO (News 1st) - මිරිහාන ප්‍රදේශයේදී පහරදීමකින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් තුළදී ත්‍රිරෝද රථයක් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ ඔහු ඝාතනය කර ඇති බවය. මිය යන විට සුනිල් ජයවර්ධන මහතා 53 හැවිරිදි වියේ පසුවිය. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.