සොයිසාපුර වෙඩි තැබීම: වාහනය හා රියැදුරු අත්අඩංගුවට

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හා රියැදුරු අත්අඩංගුවට

by Staff writer 10-06-2020 | 7:29 AM

COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පිරිස රැගෙන ආ වාහනයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බස්නාහිර පළාත් බුද්ධි අංශය ඊයේ රාත්‍රී පිළියන්දල කළ විශේෂ මෙහෙයුමකිනි. වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. පොලීසිය පැවසුවේ, සැකකරු 50 හැවිරිදි අයෙකු බවයි. ඔහු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 29 වැනි දා සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.