by Sagarika Chathumali 10-06-2020 | 4:49 PM
COLOMBO (News 1st) : සීමාවන්ට යටත්ව ආගමික කටයුතු සඳහා සිද්ධස්ථාන වෙත රැස්වීමට ලබන 12 වැනිදා සිට අවසර ලබා දී තිබේ.
රජය නිවේදනය කරන්නේ, ලබන 12 වන දා සිට මෙම අවසරය හිමිවන බවයි.
ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික ස්ථානයකට රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 50 දෙනෙකුට (ගොඩනැගිලි සහ එළිමහන් ස්ථාන ඇතුළුව ) සීමා කළ යුතු වේ.
පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටීමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටිය හැකි ය.