විදේශ ඇමති සහ මැදපෙරදිග තානාපතිවරු අතර හමුවක්

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සහ මැදපෙරදිග තානාපතිවරුන් අතර හමුවක්

by Staff writer 10-06-2020 | 7:58 AM

COLOMBO (News 1st) - විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මෙහෙයුම් ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවිය.

ඒ, විදේශ සබඳතා අමාත්‍යාංශයේදීය. සෞදි අරාබිය, කුවෙට්, ඊජිප්තුව, පලස්තීනය ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක් ව සිටියහ. විදේශ අමාත්‍යවරයා මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් එම රටවල් ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කර තිබේ. දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පවසා ඇත්තේ, එම රටවල වෙසෙන ශ්‍රී ලංකිකයින් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ නැවතත් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය. මෙරට තේ සහ අනෙකුත් නිෂ්පාදන සඳහා මැදපෙරදිග කලාපයේ වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නැංවිය යුතු බව ද විදේශ සබඳතා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.