උපකාරක පන්ති ඇරඹෙන දිනය සංශෝධනය කෙරේ

UPDATE: උපකාරක පන්ති ඇරඹෙන දිනය සංශෝධනය කෙරේ

by Sagarika Chathumali 10-06-2020 | 7:00 PM
COLOMBO (News 1st) 7.00 pM : උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය සංශෝධනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය ජුනි 15 වැනිදා නොව, ජුනි 29 වැනිදා ලෙස සංශෝධනය කර තිබේ. ------------------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) : සීමාවන්ට යටත්ව ලබන 15 වනදා සිට උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට රජය අවසර ලබා දී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එක් පන්තියක් සඳහා සහභාගි කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමා විය යුතු බවයි. තව ද අදාළ උපකාරක පන්තිය පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් පන්තිය පැවැත්විය යුතු වේ. සිසුන් 100 දෙනෙකුට හෝ අදාළ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති නම්, සාමන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගී කරවා ගැනීමට අවසර හිමි වනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මගින් අවධාරණය කර සිටින්නේ, කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ සියලු පාර්ශව විසින් පුර්ණ වශයෙන් පිළිපැදිය යුතු බවයි.