රාජිතට ඇප

රාජිත සේනාරත්නට ඇප

by Staff writer 10-06-2020 | 10:11 AM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතා මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය. අන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කිරීමේ චෝදනා යටතේ, හිටපු අමාත්‍යවරයා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.