මැතිවරණ කොමිසම අද යළි රැස්වෙයි

මැතිවරණ කොමිසම අද යළි රැස්වෙයි

by Staff writer 10-06-2020 | 7:27 AM

COLOMBO (News 1st) - ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරදීම මෙන්ම ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති.