''දෙවැනි රැල්ලක් ආවොත් මුහුණ දෙන්න අපි සුදානම්''

''දෙවැනි රැල්ලක් ආවොත් මුහුණ දෙන්න අපි සුදානම්'' - ආරක්ෂක ලේකම්

by Staff writer 10-06-2020 | 9:34 PM
COLOMBO (News 1st) : කොරෝනා දෙවැනි රැල්ලක් එතැයි, බලාපොරොත්තු නොවුණ ද දෙවැනි රැල්ලක් පැමිණිය හොත් ඊට මුහුණ දීමට ආරක්ෂක අංශය සහ සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
''මම ආරක්ෂක ලේකම් හැටියට මම බලාපොරොත්තු වෙන්නේ නෑ දෙවන රැල්ලක් එයි කියලා. මොකද අපේ හමුදා අංශ සෞඛ්‍ය අංශ ඒ හැම කෙනෙක්ම ඉතාමත්ම ඕනෑකමින් බොහොම මහන්සි වෙලා අද මේ තත්ත්වය රටට උදාකරගෙන තියෙනවා. අප්‍රේල් 30 වෙනිදායින් පස්සේ කිසිම රෝගියෙක් අපේ සමාජයෙන් වාර්තා වුණේ නෑ. දෙවැනි රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු නොවුණත් දෙවැනි රැල්ලක් ආවත් ඒකට මුහුණ දෙන්න අපේ නිලධාරීන් අපේ සෙබලුන් සහ අපේ සෞඛ්‍ය අංශ සුදානම් කියන එක මං කියන්න කැමතියි''
ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් යුද හමුදාව නිර්මාණය කළ නවෝත්පාදන එළිදැක්වීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය අමතමිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න , යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයේදී අද පෙරවරුවේ මෙම වැඩසටහන පැවැත්විය. එහිදී ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නිර්මාණය කළ නවෝත්පාදන 29 ක් එළිදැක්විණ. https://www.facebook.com/NewsfirstSL/videos/259599035110011/