ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් ගමන් යයි

දහස් ගණනකගේ අවසන් ගෞරව මැද ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් ගමන් යයි

by Staff writer 10-06-2020 | 9:36 AM

News 1st - පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු හුස්ටන්හිදී සිදු කර තිබේ.

ඒ, ෆ්ලොයිඩ් පිළිබඳ මතකය ලොවට ඉතිරි කර තබමිනි. ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඔහුගේ උපන් ගම වන හුස්ටන්හිදී පැවැති දේව මෙහෙයට පන්සිය දෙනෙකුට ආරාධනා කර තිබුණි. ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූ අතර අවමංගල්‍ය උත්සවය පීඩාවට පත් වූවන්ගේ යුක්තිය උදෙසා අරගලයේ සංකේතයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි. ෆ්ලොයිඩ්ගේ මරණයෙන් අනතුරුව සති දෙකක සිට අමෙරිකාවේ නගර රැසක උද්ඝෝෂණ පැවැත්වෙන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් දේපාලනඥයින් රැසක් ද ශෝකය පළ කර ඇත. ඔහුගේ මරණය ලොවට ඇති කළ බලපෑම අවධාරණය කරමින් අවමංගල්‍ය උත්සවය සෑම ප්‍රධාන නාලිකාවකම සජීවීව විකාශය වූ අතර නිව්යෝක් කොටස් වෙළෙඳපොළ මිනිත්තු 8 තත්පර 46 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කළේ ද ෆ්ලොයිඩ්ට උපහාර ලෙසිනි.