බූස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්..

කොස්ගොඩ තාරක සහ වෙලේ සුදාගේ සිර මැදිරියෙන් ජංගම දුරකතන 03ක් සොයා ගනී

by Staff writer 10-06-2020 | 7:43 AM

COLOMBO (News 1st) - බූස්ස බන්ධනාගාරයේ ක්‍රියාත්මක කළ වැටලීමකින් ජංගම දුරකතන 3 ක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, ගෞතම්, සුසෙයි සහ ජොර්ජ් යන රැඳවියන්ගේ සිර කුටිවල තිබි එම ජංගම දුරකතන සොයා ගත් බවය. එම මෙහෙයුමේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වෙලේ සුදාගේ සිර කුටියේ තිබී සිම් කාඩ්පතක් ද සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් විය. කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සොයා ගත් දුරකතන සහ සිම්පත විශ්ලේෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා බවය. බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ විශේෂ කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම වැටලීම ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක කර ඇත.