කිසිම රටකට වහල් වෙන්නේ නැහැ 

කිසිම රටක් සමග තරහ වෙන්නෙත් නැහැ වහල් වෙන්නෙත් නැහැ - රෝහිත අබේගුණවර්ධන

by Hashini De Mel 10-06-2020 | 2:19 PM

COLOMBO (News 1st) - අප කිසිම රටකට වහල් නොවන බවත් තව ත් රටක් සමග තරහ නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කුමන පක්ෂයක් වුවත් මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය දිය යුත්තේ රට ආරක්ෂා කිරීමට බවය. කොරෝනා මර්දනයට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කළ සේවයට අප සහයෝගය දැක්විය යුතු බවත් විරෝධතා පැවැත්වීමට පෙර ගැටලු තිබේනම් සාකච්ඡා කළ යුතු බව ද ඔහු සඳහන් කළේය. රට තුළ මතුව ඇති තත්ත්වය අනුව මේ අවස්ථාවේ විරෝධතා නොපවත්වා මෙම රෝගය ව්‍යාප්ත නොකර සිටීමට වග බලාගත යුතු බව ද ඔහු කියා සිටියේය. රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ය. ඊයේ පැවති විරෝධතාවට පොලීසිය විසින් අධිකරණ තීන්දුවක් ගෙන තිබූ බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/975703079529476/