by Staff writer 10-06-2020 | 10:21 PM
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක කිහිපයක අත ලකුණ යටතේ නිදහස් පක්ෂය වෙනම තරග කිරීම පිළිබඳව අද පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් රෝහිත අබේගුනවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය.
ප්‍රශ්නය : දැන් ඔබතුමාලාගේ පක්ෂයේ එකගතාවයක් නැද්ද හරියට? පිරිසක් අතෙන් ඉල්ලනවා, තවත් පිරිසක් මේ පක්ෂයෙන් ඉල්ලනවා. මොකද මේ?
ඊට රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස පිළිතුරු දුන්නේ ය.
ඒ අනෙකුත් සියලුම පක්ෂ ඒ අයට ලැබුණු කෝටා එකෙන් ඒ අය තරග කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්තරා දිස්ත්‍රික්ක දෙකකට විතරක් වෙනම තරග කරනවා. ඒක සමහර වෙලාවට කෝටා එක ඉල්ලනකොට වෙනම ඉල්ලනවා. නමුත් පර්ලිමේන්තු මතිවරණයකදි අපිට ඒ ඉල්ලන තරම් දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය දුන්නම ඒ අය ඉල්ලනවා. ඒක අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මැතිවරණයෙන් පස්සේ කුමක් හෝ ඩීල් එකක් තිබේ දයන්නයි.
ඊට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි, දැන් උදාහරණයක් ගත්තොත් කළුතර දිස්ත්‍රික්කයෙන් වෙනම ඉල්ලනවා. මම නියෝජනය කරන, මම දිස්ත්‍රික් නායකයා, වෙනම ඉල්ලනවා. ඒක මට මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ.